Followers

Tuesday, February 23, 2021

 

ළඳුනේ ………. ළඳුනේ ………….

ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
නද - ප්රේමසිරි කේමදාස
හඬ - අමරසිරි පීරිස්



සමාජය තුළ ජීවත් වන කාන්තාවට මුළු මහත් සමාජය තුළින්ම ඇය කෙරෙහි විෂමාකාර දෘෂ්ටිකෝණවලින් බලනු ලැබේ .එවන් වූ සමාජය ඒක ඇයට හිමි තත්ත්වය ඉතාමත් අසරණ වූ දුක් පීඩා විදින ජීවිතයකි . 

රම්බණ්ඩා  සෙනෙවිරත්න සූරීන් විසින් ලියන ලද ළඳුනේ යන ගීතයෙන් හුදෙක් කාන්තාවන් ගේ ජීවිතවල ස්වභාවය මැනැවින් හෙළිදරව් වේ. එවැනි කාන්තාවන්ට සමාජයෙන් අනිවාර්යෙන්ම පිහිටක් අවශ්‍යය .කාන්තාවකට කෙතරම් මිල මුදල් බලය වැනි දෑ තිබුනත් ආදරය රැකවරණය අවශ්‍යම වූවකි .

කාන්තාවක් සැබැවින්ම පිරිමියෙකුට ආදරය කර විවාහ වූ පසු සැමියා ඇයව අත් හරින්නේ නම් එම කාන්තාව ඉතාමත් ලෙස අසරණ තත්ත්වයකට පත් වේ. මුළු  ජීවිතයම ඒ පිරිමියා වෙනුවෙන් කැප කරලා අන්තිමට ඒ මිනිහගෙන්ම උහුලා ගන්න බැරි තරම් දේවල් සිදු වුවත් නැවත අම්මා තාත්තා ළඟට යාමට ඇයට නොහැකිය. අවසානයේ ඇයට මහත් සේ ආදරය කළ පිරිමියත් හිතවතුන් කවුරුත් තනියට නැත .ඒ වෙනුවෙන් ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි .එය හරිම අසරණයි සමාජයෙන් ආදරය බලාපොරොත්තු වුන ඇයට අද කවුරුත් නෑ අවංකවම ආදරයක් රැකවරණයක් ඇයට ලැබුණා නම් හුදෙක් කාන්තාවන් එවැනි තත්ත්වයකට පත් නොවන්නේ ය.හෙට රැක ගන්නට රැකගන්නට පතිවතත් නැත තම දරුවා වෙනුවෙන් ඇය මුදලට  යටවේ.

"දෙනෝ දහක් අත ගත්ත ද 

සැමියෙකු නැති ළඳුනේ ...."

දවසකට බොහෝ පිරිමින් සමග මුදලට සයන⁣යේ වැතිරුණ ද ඇයට කිසි විටෙකත් සැමියෙකු නැත.සියලු පිරිමින් ඔවුන්ගේ කාම ආශාවන් ඉටු කරගන්නවා පමණි. මෙවැනි කාන්තාවන් දෙස පිටතට සිටින සමාජය දකින්නේ වෙනම දිෂ්ටි කෝණයකින් ය .එවැනි කාන්තාවන්ගේ අසරණ ගේ අසරණ කම දන්නා පිරිමි ඇය කෙරෙහි විවිධාකාරයේ කතා හදති .

" පිරිමින්ගේ පාළු කලට 

දෝස විඳින ළඳුනේ 

රහසේ පව් කරන දනා 

එලියෙ රවන ළඳුනේ 

ලැම පමනක් ලොවට පෙනෙන 

ළය නො පෙනෙන ළඳුනේ 

කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ" 

දවස පුරාම පිරිමින්ගේ ශරීරයට යට වෙන කාන්තාව ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කරයි . මුදලට යට කරගෙන ඇයගෙන් ආශාවන්  පිරිමසා ගන්නා උගත් සල්ලිකාර මිනිසුන් ද සමාජයට ගොසින් එම කාන්තාවට ම දොස් කියති .එවැනි පිරිමින් අතින්මයි කාන්තාවන් එවැනි තත්ත්වයකට පත් වන්නේ කියා ඔවුන් කිසිදා නො සිතති.සමාජයේ අනිත් සියලු දෙනාට ඇයගේ ළැම උඩින් පමණක් පෙනෙන අතර ලය නොපෙනෙන සමාජයක ජීවත් වීමට සිදු වේ . එම කාන්තාවගේ ළැම  යටින් ඇති ලයෙහි ඇතිවන්නාවූ ගින්දර නොපෙනේ. ඇය කුඩා කූඹියෙකුට වත් වැරැදක් නොකරයි .ඉතින් ලැම පමණක් දකින මිනිසුන් එය කෙසේ තේරුම් ගන්න ද ....?

වර්තමානයේ ද ආදරය අහිමි වූ තැන බොහෝ කාන්තාවන් මෙවැනි තත්ත්වයට පත්වේ. එවැනි කාන්තාවන් කෙරෙහි දකින වැරදි දෘෂ්ටිය නිවැරදි කර ගත යුතු ය.අසරණ වූ කාන්තාවන් ජීවිතය ගැට ගසා ගෙන දිරියට ජීවත්වීමට ගණිකාවක් බවට පත් වේ .කාන්තාවන් විවාහ වූ පිරිමියාගෙන් අවංක ආදරයක් රැකවරණයක් හිමි වූවා නම් එවැනි තත්වයකට පත් නොවේ .කාන්තාවටම සමාජය  විසින් දොස් නැගීම වැරදි දෙයකි පිරිමි නිසා එම තත්ත්වයට පත්වන කාන්තාව ඉතාමත්  අසරණ ය. සියලු වේදනාවන් දරාගෙන දවස ගත කරන්නේ ජීවත් වීම සඳහා ය .ඇගේ අසරණකම නිසා මුළු මහත් සමාජය  විසින්ම තේරුම් ගත යුතු ය.එවන් වූ තත්ත්වයකට පත් නො වීමට සමාජයේ සියලු දෙනා වග විය යුතු බව ගීතය  තුලින්   මුළුමහත් සමාජයටම පෙන්වා දේ.... 


Sunday, February 7, 2021







වහින්නට හැකි නම් ගිගුම් දී..

වියලි ගම් බිම් වලට ඉහළින්..

ඉදෙන්නට හැකිනම් බතක් වී..

බතක් නොයිදෙන පැළක රහසින්..


රැදෙන්නට හැකිනම් ළමා කැළ..

හඬන දෙතොළඟ සිනාවක් වී..

පිපෙන්නට හැකිනම් තුරින් තුර..

නෙළා ගත හැකි වන මලක් වී..


වහින්නට හැකිනම්...


නිදන්නට හැකිනම් දෙනෙත් තුළ

සබෑවන සුභ සිහිනයක් වී..

ගැයෙන්නට හැකිනම් දොරින් දොර

ලොවම පූබුදන ගීතයක් වී..


වහින්නට හැකිනම්...



සමාජ පන්ති විෂමතාව තුළ බෙදී යන මිනිස් කොට්ඨාස එකිනෙකට වෙනස්කම් දක්වයි. එදිනෙදා තම ජීවන ගමන ගැටගසා ගන්නා නිර්ධන පාංතික සමාජ  කොට්ඨාසය දෙස උසස් යැයි හැඟෙන සමාජය බලන්නනේ තරමක් පහත් හැඟීමකිනි.

සුනිල් ආරියරත්න මහතා විසින් රචනා කරන ලද නන්දා මාලනීගේ ස්වර හඬින් මිහිරි වන "වහින්නට හැකිනම් ගිගුම් දී " යන ගීතයෙන් සමාජය පන්ති වල ස්වභාවයත් ජීවන ගමන ගෙවා දමන්නට දැඩි සේ දුක් විඳින දෙමව්පියන්ගෙන් දරු කැල පිළිබඳ නිරූපණය  කරයි. ඒ අනුව එම දරුවන්ට එයට අත්වැලක් සැපයීමට හැකි උතුම් පොදු සමාජ සත්කාරය සඳහන්වේ.එමෙන්ම පීඩිතව ඉන්නා මිනිසුන්ට ඔවුන්ගේ කුසගින්න නිවාලීමට හැකි නම් එය පරාර්ථකාමී සේවයකි.

"ඉදෙන්නට හැකි නම් බතක් වී                        බතක් නොයිදෙන පැළක රහසින්"

මෙම ගීත ඛණ්ඩය තුළ සඳහන් වන පරිදි රහසින් වත්  බත් නොයිදෙන කුඩුම්බිය තුළ ආහාර වල කෙතරම් දුෂ්කරතා දැයි ව්‍යංගාර්ථවත් කරයි. ජීවිතයක් වන්නට හැකි නම් කෙතරම් ද? කුසට අහරක් හෝ නොමැති ව බඩගින්න දරා ගත නොහැකි තැන පුංචි දෑසින් වැටෙන කඳුළු වියලි දෙතෝලග දැවටෙයි. ඒ මුවගට සිනහවක් ගෙනෙන්නට හැකි නම් දැනෙන හැඟීම ඒ වටිනාකම ට වචන නොමැති තරම් ය. 

"පිපෙන්නට හැකිනම් තුඩින් තුඩ 

නෙලාගත හැකි වන මලක් වී"

වන මල ලෙස ව්‍යංගාර්ථවත් කරන්නේ පීඩිත වූ දරුවන් ය. හිරුකිරණ යෙන් විකසිත වන්නට වෙර දරන වන මලට පිපෙන්නට සිහිල් දිය බිඳක් වන්නට හැකි නම් කෙතරම් වටිනවාද? දිනෙක මුළු ලොවක් සුවඳවත් කරාවි.

නිර්ධන පාන්තික පීඩිත පුංචි ළමා  කැල ද සිහින දකින්නේ නව ලෝකය දෙසට නිදහසේ පියාසර කිරීමටයි. දිනකවත් දැක නොමැති ඒ ලෝකයට නිදි යහනේ සිහිනෙන් ගමන් කර ඔවුන් එය සැබෑවක් කරගන්නට සිහින දකිති. ඒ සුබ සිහිනය යථාර්ථයක් කර දීමට සැමට දායක විය හැකිය. 

සමාජයේ වෙනුවෙන් අනුන් වෙනුවෙන් තමාට කළ හැකි දේවල් ද ඇත. පොදු සමාජය වෙනුවෙන් ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් කැප කිරීමේන් තමාගේ ජීවිතයේ ද සාර්ථක බව තීරණය කළ හැකිය. 

වර්තමාන සමාජයේ බොහෝ විට දක්නට ලැබෙන්නේ අනෙකා පරයා තමා නැගී සිටීමට යි. කෙනෙකු වෙනුවෙන් දියුණුව වෙනුවෙන්  කැපකිරීම්  කර ලාභ ප්‍රයෝජන කීර්තියක් අපේක්ෂා කරයි .එවන් සමාජයක තමන්ගෙ දියුණුවත් සලසාගෙන අනුන්ගේ දියුණුව අපේක්ෂාවෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අරමුණින් තොරව කටයුතු කරන සමාජයේ පොදු වැඩ කටයුතු වෙනුවෙන් කැපවීම  වැදගත් බව මෙම ගීතයෙන් මහඟු පණිවිඩයක් සමාජයට ලබා දෙයි .



Wednesday, February 3, 2021

වස්සානය

 

                   වස්සානය 










පත්‍ර හැළී ගිය කාර්තුවල හමුවන 

විහඟුන් කිසි දිනක අමතක නොකරමි ...

බහුතරය සංචාරක විහඟුන් ය 

වසන්තයේ හැර යන උන් 

කොළ හැලුන කර්කශ ඉඩෝරයේ

නැවත අතුපතරෙහි වසාලීමට

අවසර යදිමින් පැමිණි පසු 

ඔවුන්ට නැවත අවසර දෙන්නේම්ද...

එනමුදු

සුහදැති වෘක්ෂයෝ ඔවුන්ට කමා කරන වග 

ඔවුන් දැනගත දැන ගත යුත්තෝ ය ... 

මල් පිපෙන වසන්තය හමාර වූ කල්හි 

ඔවුහු වෙනතක ඇදෙති ...

කලකිරිම මිසක 

අල්පෙනෙති තුඩක හෝ තරහවක් නොවන බව කියමි...

දොඩමළුවට  ආයුබෝවන් කියමි...

ලෝකයේ නිත්‍ය ධර්මයට ඉඩ හර වෙන් කරමි ...

මෙසේ නිහඬ වෙමි...

මියගිය අතීතයට හා අත්දැකීම අරබයා

සහෘදයාට තුති පුදමි...

බොහෝ මිත්‍රයෝ සංචාරක විහඟුන් වග 

සිත් සේ ම හැඳින්නෙමි ...

වසන්තය නම් මා වෙත යනෙන ප්‍රහේලිකාවක් වැන්න ...

මෙතෙක් ආ මග අපිට යා නොහැකිය

ගමනාන්තය තෙක් ම හුදකලාව පිය නගමින්...


විදු...