මේ තරම් සියුමැලිද කලුගල් හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා . . . .
කලාවැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා . . . .
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩයයි කියා . . .
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රජී වසන්ත වෙල්ගම
සංගීතය : රුවන් දර්ශන දිස
සහෘද සිත තුළ රසෝරාවය උත්දීපනය කරන්නට සමත්කම් කියන ගීතය එදා මෙදා තුර සාහිත්‍යයේ එක් පැතිකඩකි.සුභාවිත ගීතය තුළින් නිමවන ඒ හදවත ස්පර්ශය කරන,ආමන්ත්‍රණය හැගුමක් විකසිත ස්වරූපය මනාව පිළිබිඹු කරයි.
සාහිත්‍යයේ නැවුම් පැතිකඩක් නිර්මාණය කරන ගීතය බොහෝවිට ගෙතෙන්නෙ පරිසරය හා සමාජය වටාය.වර්තමානයේ ස්ටාර් සංස්කෘතියට අනුව නිර්මානය වන ගීත රැල්ලට ගොස් නොමැකී යාමට ගතවන්නෙ නිමේෂයකි.අතීත නිර්මාණකරුවා අතින් රචිත සුභාවිත ගීතය රසවින්දනය සඳහා පමණක්ම නොවන්නකි.සමාජ යතාර්ථයත් රසාස්වාද වූ විචාරයන්ටත් මනාව ගළපාලන ගීත අමරණීය වන්නකි. “මෙ තරම් සියුමැලිද කලුගල්” යන ගීතය එසේ අමරණීය වූ සුභාවිත ගීතයකි.
වෙල්ගම මහතාගෙ පද රචනයෙන් හැඩව සුනිල් ආරියරත්න මහතාගෙ ගී හඩින් සහෘද සිත ආමන්ත්‍රණය කරන මෙම ගීතය සැබෑ කලාකරුවාගේ ස්වකීය නිර්මාණ කෞශල්‍ය උත්දීපනය කරන්නකි.
අනුරාධපුර රාජධානි සමය ශිෂ්ටාචාරික වශයෙන් දියුණු කාලයකි.ඒ සමයෙහි නිර්මාණය වු අවුකන බුදුපිළිමය වටා බැදුණු මෙම ගීතය ශිලා නිර්මාණ තුළ පවතින සියුම් භාවය මනාව ඉස්මතු කරයි.
“ මේ තරම් සියුමැලිද කලුගල්
සිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා...”
ශ්‍රි ලාංකීය බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ අවුකන බුදු පිළිමය ශිලා නිර්මාණයකි.බුදුන් වහන්සේගේ නිවුණු බව රලු කලු ගලකට නිර්මාණය කිරිමට තරම් දක්ෂ කලාකරුවෝ එවක ලංකාවේ සිටියා දැයි පුදුමයකි.එතරම් සියුම්ව කලුගල නිවීමට තරම් ඔහු තුළ ඇති ඉවසීමේ ගුණය රචකයා ඉසුමතු කරයි.වර්තමාන තාක්ෂණික ක්‍රමවේද නොතිබු එවන් අතීත නිමැවුම්කරුවෙකුට කලුගල මටසිලිටු කරන්නට තරම් තාක්ෂණය ඩිජිටල්කරණය නොවූවකි.එතරම් දේශීය තාක්ෂණයක් තිබූ ලාංකීය ඉතිහාසය තුළ වර්තමානය වන විට විදේශීය නිර්මාණ බිහි වීම ඩිජිටල්කරණය වූ සංස්කෘතියක්,කොන්ක්‍රිට් නිර්මාණයන්ට පදනම් වීම ඛේදවාචකයකි.
බොහෝ විට අතීත කලාකරුවා තම නිර්මාණ පරිසරය හා සබැදීමට වෙර දරන්නෙකි.ඒ බව ගීත රචකයා පෙන්වා දෙන්නේ ,
“ කලා වැව ලඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා....”
යන ගීත ඛණ්ඩය තුළින් සනාථ වෙයි.බොහෝ විට ගැමි පරිසරයේ සාමකාමීත්වය නිරූපණය කර දක්වන්නකි.අතීත කලාකරුවාගේ ස්වකීය නිර්මාණ බිහිවන්නේ පරිසරය ආශ්‍රයෙනි.ජිවන ගමන කටුකව ගෙවන මෙහි දැක්වෙන කලාකරුවාගේ පීඩිත බව නිවාලන්නේ පරිසර දේවතාවිය යි.
“ රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා..”
සාහිත්‍යයේ සඳහන් වන පොදු ධර්මතාවය මෙයින් සඳහන් වෙයි.තම ජීවන ගමන තුළ ගෙවන්නට වන කටුක අත්දැකීම් නිහතමානීව විදිමින් සහෘද සිත සතුටින් ආමන්ත්‍රණය කරන්නට සැබෑ කලාකරුවාගේ ඒකායන ප්‍රාර්ථනය යි.කලා වැව සිසාරා එන සැඩ පහර ගොඩට විත් නැවත ඒ දෙසටම ගමන් කරයි.සියුම් කලාත්මක ඇසකින් ඒ බව සමාජ පොදු ධර්මතාව ව්‍යංගවත් කිරීමට රචකයා සමත් වෙයි.
සුභාවිත ගීතය තුළින් රසික සිත පිනවන මෙම නිර්මාණ සමාජ දායාදයන් ය.පොදු මිනිස් සමාජය මනාව ඉස්මතු කිරීමට කලාකරුවා සතු සහජ හැකියාව ඔහු තුළ තවත් මිනිසකු නිර්මාණය කරයි.
කලාකරුවා තම ජීවිතයෙන් ඔබ්බට ගොස් සමාජ පරිසරය දෙසත් සමාජයේ මිනිස් චර්යාවන් දෙසත් සුපරික්ෂාකාරීව නිරීක්ෂණය කරන්නෙකි.ඔහු තුළ බොහෝවිට චරිත දෙකකි.මෙහි සඳහන් ගීතයෙහි පහත ගීත ඛණ්ඩය තුළින් මනාව පිළිබිඹු වේ.
“ ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතනද කියා
මා ඇසූවිට හිනහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා...”
සමාජය ජීවත් කරන තවත් එක් ධර්මතාවක් ලෙස “ ආදරය” හැදින්විය හැකිය.හදවත් දෙකක් එක් වීම කලාකරුවාගේ කලා නෙත මනාව ඒ දෙසට යොමු කරයි.ලාංකීය ඉතිහාසය තුළ “ ඉසුරුමුණි පෙම් යුවල” යනු එවන් ආදරණීයයන්ගෙ සංකේතයකි.ශාලිය අශෝකමාලා ප්‍රේම වෘත්තාන්තය සංකේතවත් වන්නක් ලෙස ඉතිහාස ගත වී ඇත.
වර්තමාන සමාජය තුළ “ විරහව” යන තැනටම පත්කර ඇත්තේ රැල්ලට නිර්මාණය වන ස්ටාර් සංස්කෘතියේ ගීතයෙනි.වෛරය,පලිගැනීම මත පමණක් ආදරය පදනම් වී ඇත.නමුත් අතීත කලාකරුවා තම ජීවිතය ස්වකීය නිර්මාණවලට පාදක කර නොගත්තෙකු බව පැහැදිලි වේ.
“ මා ඇසූ විට හිනහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා..”
ඉසුරුමුණි පෙම් යුවල නිර්මාණය කරන කලාකරුවා තනිකඩ පුද්ගලයකු බව නිරූපණය වේ.එහිදී ඔහු කිසිදාක ප්‍රේමයේ පහස වින්දනය කරන ලද්දෙකු නොවිණි.ඒ නිර්මාණය තුළ සිටින පෙම්බරිය කලාකරුවාගේ ජීවිතය හමුවේ පෙනෙන්නට නැත.නමුත් කලාකරුවා සමාජයේ පෙම්වතුන් දෙස උපේක්ෂාවෙන් බැලූ අයෙකු වේ.
තමාට නොලැබෙන දේ පිළිබඳව අතීත කලාකරුවා පසුතැවෙන්නෙක් නොවිණි.ඔහු තම ජීවිතය කලාවෙන් පෝෂණය කරලූවෙකි.වර්තමාන ගීතයද එසේ වෙනස් විය යුත්තක් බව හැගෙන සත්‍යයකි.සමාජයක් වෙනස් කිරීමට කලාව අතකොලුවක් වීම අනිවාර්ය වේ.