Followers

Sunday, January 17, 2021

ඔබ මා හමු උන මේ ඉර හද යට

 

ඔබ මා හමුවුන මේ ඉර හද යට 




දුක කඳුළ සැම දෙනාට පොදු වූවක්. පිරිමියා යනු දැඩි හිතක් සහිත කඳුළක් පිටතට නොපෙන්වන පුද්ගලයෙකි . මෙහෙම කියන්නේ මම හේතුවක් ඇතිවයි . ඇත්තටම පිරිමි අඬන්න බැරි වෙලාවට ආවේගය හිතට ගන්නවා. ඉන්පස්සෙ තරහින් වැඩ කරනවා. හැබැයි ඒක ඒ හඬා ගන්න බැරි කමට හිතේ එන ආවේගයටයි.එහෙම වුණත් ඇහෙන් නොඅඩන  පිරිමි හිතින් ගොඩක් අඬනවා . ඒකයි ඇත්ත .ඒත් ඒක දන්නේ එහෙම කෙනෙක්. සමහර වෙලාවට යක්කු වගේ පිරිමි පෙනුනට හැම කෙනෙක් ඇතුළෙම මිනිහෙක් ඉන්නවා . එවන් වූ අවස්ථාවක් ගීතයක් බවට මෙසේ පරිවර්තනය වී ඇත . 


ඔබ මා හමුවුන මේ ඉර හද යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී


ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල....//
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී....//


ඔබ මා හමුවුන......


කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි....//
සිතින් දරාගෙන මා මළ දවසට 
මගෙ ළග තනියට ඉනු මැනවී....//


🎧🎤 ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
🎼🎶 සංගීතය : විශාරද ගුණදාස කපුගේ
📜✍️ පද රචනය : සුනිල් ආර් ගමගේ


හමුවෙන අය ඈත් වෙනවා ..හැබැයි ඒ හමුවෙලා යන අය අතුරෙන් සමහර වෙලාවට කිසි කෙනෙක් මින් පෙර ඇති නොවන බැඳීමක් ඇති වුණ කෙනෙක් අප අපව දාලා යන්න යනකොට ඇතිවුණ දුක දාලා ගියාට පස්සේ අපට ඇති වන අතීතාවර්ජනය සමග හිතට ගලාගෙන එන සන්තාපය වචනවලින් කියා ගන්න බැහැ .එහෙම වුණත් වුණත් නැවතත් අවසන් වතාවකට දැකගන්න ලැබෙනවා නම් කියලා හිතුනා ම මේ ගීතය තරම්ම ඒ ගැන කියන තවත් ගීතයක් නැත ඒ තරමට කවියා තමාගේ දුක හදවතින් මෙසේ ප්‍රකාශ කර ඇත.


"කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී...."

මේ වගේ අපිට ම අවසන් වතාවට අපිම සමුදෙන වෙලාවක අපේ මුවින් නො කීවත් වෙන ලෝක  වල තනිවී ඒ ඒ ලෝකයන් තුළ කාර්ය බහුල වී උන්නත් යටි සිතෙ නැගෙන ඉල්ලීමක් වශයෙන් ගීතය ගායනා කරයි. ගීතය තුළින් ඉස්මතු වන පුද්ගලයා මියගොස් නොමැත හදවතින්ම දීර්ඝ කාලයක් ආදරය කොට ආදර කතාව වියැකී ගිය තරුණයකුගේ වේදනා බරිත  ගීතයක්හ ලෙස ඳුනාගත හැකිය.මෙහිදී "පරඋන පෙම් මල" යන සංකේතයෙන් දෙදෙනාගේ ආදරය මිය ගොස් ඇති බව දන්වයි. එවන් වූ   විරහවක් අත් වූ මෙම පුද්ගලයාට සැනසුමක් ගෙන ඒමට නම් මිය ගිය දිනට හෝ තමා ලඟ තනියට  සිටිනු මැනවි වශයෙන් ආයාචනය කරනු ලබයි.

සිත් තැවුලට පත් මෙම පුද්ගලයා පිළිබඳව මිරිඟු සයුර වෙත පියමන් කල සැටි යන සංකේතාත්මක පද මාලාවෙන් ඔහුගේ ආදරය සදහටම ගීතයක් බවට පත් වී පත්වී ඇති  බව ලෝකයාට පෙන්වා දී තිබේ. මෙම පුද්ගලයා තමාගේ සැබෑ පිවිතුරු ආදරය වෙනුවෙන් එක් ඉල්ලීමක් ගීතයේ දී ආයාචනය කරනු ලබයි .එනම් මිය ගිය දවසට තමාගේ තනිවට හෝ ඇවිත් සිටින්න යනුවෙනි .මෙය ගීත කලාවේ ඉතාමත්ම දුක්බර  ගීතයක් බවට හදවත කිලිපොලා යන ගීතයක් ලෙසට හඳුනා ගත හැකිය .   එයින් වර්තමාන සමාජයට ආදරය  කුමක් ද යන්න සිතා බැලීමට හිස්තැනක් තබන ගීතයක්  සේ දැකගත හැකි ය .