ළඳුනේ ………. ළඳුනේ ………….
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…
දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ ... ළඳුනේ …
තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ
පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
නද - ප්‍රේමසිරි කේමදාස
හඬ - අමරසිරි පීරිස්
සමාජය තුළ ජීවත් වන කාන්තාවට මුළු මහත් සමාජය තුළින්ම ඇය කෙරෙහි විෂමාකාර දෘෂ්ටිකෝණවලින් බලනු ලැබේ .එවන් වූ සමාජය ඒක ඇයට හිමි තත්ත්වය ඉතාමත් අසරණ වූ දුක් පීඩා විදින ජීවිතයකි .
රම්බණ්ඩා සෙනෙවිරත්න සූරීන් විසින් ලියන ලද ළඳුනේ යන ගීතයෙන් හුදෙක් කාන්තාවන් ගේ ජීවිතවල ස්වභාවය මැනැවින් හෙළිදරව් වේ. එවැනි කාන්තාවන්ට සමාජයෙන් අනිවාර්යෙන්ම පිහිටක් අවශ්‍යය .කාන්තාවකට කෙතරම් මිල මුදල් බලය වැනි දෑ තිබුනත් ආදරය රැකවරණය අවශ්‍යම වූවකි .
කාන්තාවක් සැබැවින්ම පිරිමියෙකුට ආදරය කර විවාහ වූ පසු සැමියා ඇයව අත් හරින්නේ නම් එම කාන්තාව ඉතාමත් ලෙස අසරණ තත්ත්වයකට පත් වේ. මුළු ජීවිතයම ඒ පිරිමියා වෙනුවෙන් කැප කරලා අන්තිමට ඒ මිනිහගෙන්ම උහුලා ගන්න බැරි තරම් දේවල් සිදු වුවත් නැවත අම්මා තාත්තා ළඟට යාමට ඇයට නොහැකිය. අවසානයේ ඇයට මහත් සේ ආදරය කළ පිරිමියත් හිතවතුන් කවුරුත් තනියට නැත .ඒ වෙනුවෙන් ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි .එය හරිම අසරණයි සමාජයෙන් ආදරය බලාපොරොත්තු වුන ඇයට අද කවුරුත් නෑ අවංකවම ආදරයක් රැකවරණයක් ඇයට ලැබුණා නම් හුදෙක් කාන්තාවන් එවැනි තත්ත්වයකට පත් නොවන්නේ ය.හෙට රැක ගන්නට රැකගන්නට පතිවතත් නැත තම දරුවා වෙනුවෙන් ඇය මුදලට යටවේ.
"දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ ...."
දවසකට බොහෝ පිරිමින් සමග මුදලට සයනයේ වැතිරුණ ද ඇයට කිසි විටෙකත් සැමියෙකු නැත.සියලු පිරිමින් ඔවුන්ගේ කාම ආශාවන් ඉටු කරගන්නවා පමණි. මෙවැනි කාන්තාවන් දෙස පිටතට සිටින සමාජය දකින්නේ වෙනම දිෂ්ටි කෝණයකින් ය .එවැනි කාන්තාවන්ගේ අසරණ ගේ අසරණ කම දන්නා පිරිමි ඇය කෙරෙහි විවිධාකාරයේ කතා හදති .
" පිරිමින්ගේ පාළු කලට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමනක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ"
දවස පුරාම පිරිමින්ගේ ශරීරයට යට වෙන කාන්තාව ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කරයි . මුදලට යට කරගෙන ඇයගෙන් ආශාවන් පිරිමසා ගන්නා උගත් සල්ලිකාර මිනිසුන් ද සමාජයට ගොසින් එම කාන්තාවට ම දොස් කියති .එවැනි පිරිමින් අතින්මයි කාන්තාවන් එවැනි තත්ත්වයකට පත් වන්නේ කියා ඔවුන් කිසිදා නො සිතති.සමාජයේ අනිත් සියලු දෙනාට ඇයගේ ළැම උඩින් පමණක් පෙනෙන අතර ලය නොපෙනෙන සමාජයක ජීවත් වීමට සිදු වේ . එම කාන්තාවගේ ළැම යටින් ඇති ලයෙහි ඇතිවන්නාවූ ගින්දර නොපෙනේ. ඇය කුඩා කූඹියෙකුට වත් වැරැදක් නොකරයි .ඉතින් ලැම පමණක් දකින මිනිසුන් එය කෙසේ තේරුම් ගන්න ද ....?
වර්තමානයේ ද ආදරය අහිමි වූ තැන බොහෝ කාන්තාවන් මෙවැනි තත්ත්වයට පත්වේ. එවැනි කාන්තාවන් කෙරෙහි දකින වැරදි දෘෂ්ටිය නිවැරදි කර ගත යුතු ය.අසරණ වූ කාන්තාවන් ජීවිතය ගැට ගසා ගෙන දිරියට ජීවත්වීමට ගණිකාවක් බවට පත් වේ .කාන්තාවන් විවාහ වූ පිරිමියාගෙන් අවංක ආදරයක් රැකවරණයක් හිමි වූවා නම් එවැනි තත්වයකට පත් නොවේ .කාන්තාවටම සමාජය විසින් දොස් නැගීම වැරදි දෙයකි පිරිමි නිසා එම තත්ත්වයට පත්වන කාන්තාව ඉතාමත් අසරණ ය. සියලු වේදනාවන් දරාගෙන දවස ගත කරන්නේ ජීවත් වීම සඳහා ය .ඇගේ අසරණකම නිසා මුළු මහත් සමාජය විසින්ම තේරුම් ගත යුතු ය.එවන් වූ තත්ත්වයකට පත් නො වීමට සමාජයේ සියලු දෙනා වග විය යුතු බව ගීතය තුලින් මුළුමහත් සමාජයටම පෙන්වා දේ....
1 comment:
👍👍
Post a Comment