Followers

Sunday, April 18, 2021

අතීතය

 නිසංසල පාළු රැයක

අරුමෝසම් හීන අතර

හිත මටත් හොරෙන් ඇදී ගිහින්

පස් වසරක අතීතයට ...


සිහින ගව්වට අතර මැදින්

සැබෑ නොවන හීන අතර 

මහා දුටු ඒ සොඳුරු හිත

දුටුවා තනි වී ඇති බිම...


පාලු සිතට සුවය ගෙනා

සුන්දර ඒ සිහින කැකුළ 

පරව ගිහින් ඇත අද දින

මතක හීන කඳුළු ගොන්න .....

අසම්මත පෙම

 


දවසක් දෙකක් ඉවසුවා මේ දුක් කන්ද 

අහරක් නොගත්තෙමි  කිසිවිට පිරියෙන්

 මන්ද පහුරක් නොවුණේ කිමදෝ ඔබ සුව කැන්ද...


දහසක් දෙනා  ගෙන් මෙය සඟවා ඉන්න

තව නම් බැරිය මට මෙය නොකියා ඉන්න

පවසත් වෙලා මගෙ තුරුලේ සුව වින්ද

සිරි දුව ගියේ ඇයි තනියම දුර රන්ද...


දනිමි වරද සම්මතයෙන් පිටයි කියා

නොවීමි කිසි කලෙක සම්මත පෙමයි අයා

තවම තනිව ඔබ රැව යළි එතැයි කියා

හිඳිමි බලා බලාගෙන මගේ නෙතු නෑ පියා...  

 


 

 



Friday, March 5, 2021



මේ තරම් සියුමැලිද කලුගල් හිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත් 

දෑස් දුන් මිනිසා සොයා . . . .


කලාවැව ළඟ ඉලුක් හෙවනක 

මැටි පිලක පැදුරක් එලා

රිදුම් පිරිමදිමින් බලයි ඔහු 

මැරෙන ඉපදෙන රළ දිහා . . . .


ඉසුරුමුණියේ නුඹ තැනූ 

පෙම්බරිය කොතැනද කියා

මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩයයි කියා . . .


ගායනය : සුනිල් එදිරිසිංහ

පද රචනය : රජී වසන්ත වෙල්ගම

සංගීතය : රුවන් දර්ශන දිස




සහෘද සිත තුළ රසෝරාවය උත්දීපනය  කරන්නට සමත්කම් කියන ගීතය එදා මෙදා තුර සාහිත්‍යයේ එක් පැතිකඩකි.සුභාවිත ගීතය තුළින් නිමවන ඒ හදවත ස්පර්ශය කරන,ආමන්ත්‍රණය හැගුමක් විකසිත ස්වරූපය මනාව පිළිබිඹු කරයි.

                                          සාහිත්‍යයේ නැවුම් පැතිකඩක් නිර්මාණය කරන ගීතය බොහෝවිට ගෙතෙන්නෙ පරිසරය හා සමාජය වටාය.වර්තමානයේ ස්ටාර් සංස්කෘතියට අනුව නිර්මානය වන ගීත රැල්ලට  ගොස් නොමැකී යාමට ගතවන්නෙ නිමේෂයකි.අතීත නිර්මාණකරුවා අතින් රචිත සුභාවිත ගීතය රසවින්දනය සඳහා පමණක්ම නොවන්නකි.සමාජ යතාර්ථයත් රසාස්වාද වූ විචාරයන්ටත් මනාව ගළපාලන ගීත අමරණීය වන්නකි. “මෙ තරම් සියුමැලිද කලුගල්” යන ගීතය එසේ අමරණීය වූ සුභාවිත ගීතයකි.

                                                                              වෙල්ගම මහතාගෙ පද රචනයෙන් හැඩව සුනිල් ආරියරත්න මහතාගෙ ගී හඩින් සහෘද සිත ආමන්ත්‍රණය කරන මෙම ගීතය සැබෑ කලාකරුවාගේ ස්වකීය නිර්මාණ කෞශල්‍ය උත්දීපනය කරන්නකි.

                                                  අනුරාධපුර රාජධානි සමය ශිෂ්ටාචාරික වශයෙන් දියුණු කාලයකි.ඒ සමයෙහි නිර්මාණය වු අවුකන බුදුපිළිමය වටා බැදුණු මෙම ගීතය ශිලා නිර්මාණ තුළ පවතින සියුම් භාවය මනාව ඉස්මතු කරයි.

        “ මේ තරම් සියුමැලිද කලුගල්

           සිතන්නට වත් බැරි නිසා

           මම ගියා අවුකන බුදුන්ටත්

           දෑස් දුන් මිනිසා සොයා...”

                                        ශ්‍රි ලාංකීය බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ අවුකන බුදු පිළිමය ශිලා නිර්මාණයකි.බුදුන් වහන්සේගේ නිවුණු බව රලු කලු ගලකට නිර්මාණය කිරිමට තරම් දක්ෂ කලාකරුවෝ එවක ලංකාවේ සිටියා දැයි පුදුමයකි.එතරම් සියුම්ව කලුගල නිවීමට තරම් ඔහු තුළ ඇති ඉවසීමේ ගුණය රචකයා ඉසුමතු කරයි.වර්තමාන තාක්ෂණික ක්‍රමවේද නොතිබු එවන් අතීත නිමැවුම්කරුවෙකුට කලුගල මටසිලිටු කරන්නට තරම් තාක්ෂණය ඩිජිටල්කරණය නොවූවකි.එතරම් දේශීය තාක්ෂණයක් තිබූ ලාංකීය ඉතිහාසය තුළ වර්තමානය වන විට විදේශීය නිර්මාණ බිහි වීම ඩිජිටල්කරණය වූ සංස්කෘතියක්,කොන්ක්‍රිට් නිර්මාණයන්ට පදනම් වීම ඛේදවාචකයකි.

                                                                          බොහෝ විට අතීත කලාකරුවා තම නිර්මාණ පරිසරය හා සබැදීමට වෙර දරන්නෙකි.ඒ බව ගීත රචකයා පෙන්වා දෙන්නේ ,

            “ කලා වැව ලඟ ඉලුක් හෙවණක

              මැටි පිලක පැදුරක් එලා....”

                                යන ගීත ඛණ්ඩය තුළින් සනාථ වෙයි.බොහෝ විට ගැමි පරිසරයේ සාමකාමීත්වය නිරූපණය කර දක්වන්නකි.අතීත කලාකරුවාගේ ස්වකීය නිර්මාණ බිහිවන්නේ පරිසරය ආශ්‍රයෙනි.ජිවන ගමන කටුකව ගෙවන මෙහි දැක්වෙන කලාකරුවාගේ පීඩිත බව නිවාලන්නේ පරිසර දේවතාවිය යි.

            “ රිදුම් පිරිමදිමින් බලයි ඔහු

              මැරෙන ඉපදෙන රළ දිහා..”

        සාහිත්‍යයේ සඳහන් වන පොදු ධර්මතාවය මෙයින් සඳහන් වෙයි.තම ජීවන ගමන තුළ ගෙවන්නට වන කටුක අත්දැකීම් නිහතමානීව විදිමින් සහෘද සිත සතුටින් ආමන්ත්‍රණය කරන්නට සැබෑ කලාකරුවාගේ ඒකායන ප්‍රාර්ථනය යි.කලා වැව සිසාරා එන සැඩ පහර ගොඩට විත් නැවත ඒ දෙසටම ගමන් කරයි.සියුම් කලාත්මක ඇසකින් ඒ බව සමාජ පොදු ධර්මතාව ව්‍යංගවත් කිරීමට රචකයා සමත් වෙයි.

                         සුභාවිත ගීතය තුළින් රසික සිත පිනවන මෙම නිර්මාණ සමාජ දායාදයන් ය.පොදු මිනිස් සමාජය මනාව ඉස්මතු කිරීමට කලාකරුවා සතු සහජ හැකියාව ඔහු තුළ තවත් මිනිසකු නිර්මාණය කරයි.

                    කලාකරුවා තම ජීවිතයෙන් ඔබ්බට ගොස් සමාජ පරිසරය දෙසත් සමාජයේ මිනිස් චර්යාවන් දෙසත් සුපරික්ෂාකාරීව නිරීක්ෂණය කරන්නෙකි.ඔහු තුළ බොහෝවිට චරිත දෙකකි.මෙහි සඳහන් ගීතයෙහි පහත ගීත ඛණ්ඩය තුළින් මනාව පිළිබිඹු වේ.

            “ ඉසුරුමුණියේ නුඹ තැනූ

              පෙම්බරිය කොතනද කියා

                මා ඇසූවිට හිනහුණා ඔහු

               තවම තනිකඩ යැයි කියා...”

    සමාජය ජීවත් කරන තවත් එක් ධර්මතාවක් ලෙස  “ ආදරය” හැදින්විය හැකිය.හදවත් දෙකක් එක් වීම කලාකරුවාගේ කලා නෙත මනාව ඒ දෙසට යොමු කරයි.ලාංකීය ඉතිහාසය තුළ  “ ඉසුරුමුණි පෙම් යුවල” යනු එවන් ආදරණීයයන්ගෙ සංකේතයකි.ශාලිය අශෝකමාලා ප්‍රේම වෘත්තාන්තය සංකේතවත් වන්නක් ලෙස ඉතිහාස ගත වී ඇත.

                        වර්තමාන සමාජය තුළ “ විරහව” යන තැනටම පත්කර ඇත්තේ රැල්ලට නිර්මාණය වන ස්ටාර් සංස්කෘතියේ ගීතයෙනි.වෛරය,පලිගැනීම මත පමණක් ආදරය පදනම් වී ඇත.නමුත් අතීත කලාකරුවා තම ජීවිතය ස්වකීය නිර්මාණවලට පාදක කර නොගත්තෙකු බව පැහැදිලි වේ.

            “ මා ඇසූ විට හිනහුණා ඔහු

              තවම තනිකඩ යැයි කියා..”

       ඉසුරුමුණි පෙම් යුවල නිර්මාණය කරන කලාකරුවා  තනිකඩ පුද්ගලයකු බව නිරූපණය වේ.එහිදී ඔහු කිසිදාක ප්‍රේමයේ පහස වින්දනය කරන ලද්දෙකු නොවිණි.ඒ නිර්මාණය තුළ සිටින පෙම්බරිය කලාකරුවාගේ ජීවිතය හමුවේ පෙනෙන්නට නැත.නමුත් කලාකරුවා සමාජයේ පෙම්වතුන් දෙස උපේක්ෂාවෙන් බැලූ අයෙකු වේ.

                    තමාට නොලැබෙන දේ පිළිබඳව අතීත කලාකරුවා පසුතැවෙන්නෙක් නොවිණි.ඔහු තම ජීවිතය කලාවෙන් පෝෂණය කරලූවෙකි.වර්තමාන ගීතයද එසේ වෙනස්  විය යුත්තක්  බව හැගෙන සත්‍යයකි.සමාජයක් වෙනස් කිරීමට කලාව අතකොලුවක් වීම අනිවාර්ය වේ.








සහෘද සිත තුළ රසෝරාවය උත්දීපනය  කරන්නට සමත්කම් කියන ගීතය එදා මෙදා තුර සාහිත්‍යයේ එක් පැතිකඩකි.සුභාවිත ගීතය තුළින් නිමවන ඒ හදවත ස්පර්ශය කරන,ආමන්ත්‍රණය හැගුමක් විකසිත ස්වරූපය මනාව පිළිබිඹු කරයි.

                                          සාහිත්‍යයේ නැවුම් පැතිකඩක් නිර්මාණය කරන ගීතය බොහෝවිට ගෙතෙන්නෙ පරිසරය හා සමාජය වටාය.වර්තමානයේ ස්ටාර් සංස්කෘතියට අනුව නිර්මානය වන ගීත රැල්ලට  ගොස් නොමැකී යාමට ගතවන්නෙ නිමේෂයකි.අතීත නිර්මාණකරුවා අතින් රචිත සුභාවිත ගීතය රසවින්දනය සඳහා පමණක්ම නොවන්නකි.සමාජ යතාර්ථයත් රසාස්වාද වූ විචාරයන්ටත් මනාව ගළපාලන ගීත අමරණීය වන්නකි. “මෙ තරම් සියුමැලිද කලුගල්” යන ගීතය එසේ අමරණීය වූ සුභාවිත ගීතයකි.

                                                                              වෙල්ගම මහතාගෙ පද රචනයෙන් හැඩව සුනිල් ආරියරත්න මහතාගෙ ගී හඩින් සහෘද සිත ආමන්ත්‍රණය කරන මෙම ගීතය සැබෑ කලාකරුවාගේ ස්වකීය නිර්මාණ කෞශල්‍ය උත්දීපනය කරන්නකි.

                                                  අනුරාධපුර රාජධානි සමය ශිෂ්ටාචාරික වශයෙන් දියුණු කාලයකි.ඒ සමයෙහි නිර්මාණය වු අවුකන බුදුපිළිමය වටා බැදුණු මෙම ගීතය ශිලා නිර්මාණ තුළ පවතින සියුම් භාවය මනාව ඉස්මතු කරයි.

        “ මේ තරම් සියුමැලිද කලුගල්

           සිතන්නට වත් බැරි නිසා

           මම ගියා අවුකන බුදුන්ටත්

           දෑස් දුන් මිනිසා සොයා...”

                                        ශ්‍රි ලාංකීය බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ අවුකන බුදු පිළිමය ශිලා නිර්මාණයකි.බුදුන් වහන්සේගේ නිවුණු බව රලු කලු ගලකට නිර්මාණය කිරිමට තරම් දක්ෂ කලාකරුවෝ එවක ලංකාවේ සිටියා දැයි පුදුමයකි.එතරම් සියුම්ව කලුගල නිවීමට තරම් ඔහු තුළ ඇති ඉවසීමේ ගුණය රචකයා ඉසුමතු කරයි.වර්තමාන තාක්ෂණික ක්‍රමවේද නොතිබු එවන් අතීත නිමැවුම්කරුවෙකුට කලුගල මටසිලිටු කරන්නට තරම් තාක්ෂණය ඩිජිටල්කරණය නොවූවකි.එතරම් දේශීය තාක්ෂණයක් තිබූ ලාංකීය ඉතිහාසය තුළ වර්තමානය වන විට විදේශීය නිර්මාණ බිහි වීම ඩිජිටල්කරණය වූ සංස්කෘතියක්,කොන්ක්‍රිට් නිර්මාණයන්ට පදනම් වීම ඛේදවාචකයකි.

                                                                          බොහෝ විට අතීත කලාකරුවා තම නිර්මාණ පරිසරය හා සබැදීමට වෙර දරන්නෙකි.ඒ බව ගීත රචකයා පෙන්වා දෙන්නේ ,

            “ කලා වැව ලඟ ඉලුක් හෙවණක

              මැටි පිලක පැදුරක් එලා....”

                                යන ගීත ඛණ්ඩය තුළින් සනාථ වෙයි.බොහෝ විට ගැමි පරිසරයේ සාමකාමීත්වය නිරූපණය කර දක්වන්නකි.අතීත කලාකරුවාගේ ස්වකීය නිර්මාණ බිහිවන්නේ පරිසරය ආශ්‍රයෙනි.ජිවන ගමන කටුකව ගෙවන මෙහි දැක්වෙන කලාකරුවාගේ පීඩිත බව නිවාලන්නේ පරිසර දේවතාවිය යි.

            “ රිදුම් පිරිමදිමින් බලයි ඔහු

              මැරෙන ඉපදෙන රළ දිහා..”

        සාහිත්‍යයේ සඳහන් වන පොදු ධර්මතාවය මෙයින් සඳහන් වෙයි.තම ජීවන ගමන තුළ ගෙවන්නට වන කටුක අත්දැකීම් නිහතමානීව විදිමින් සහෘද සිත සතුටින් ආමන්ත්‍රණය කරන්නට සැබෑ කලාකරුවාගේ ඒකායන ප්‍රාර්ථනය යි.කලා වැව සිසාරා එන සැඩ පහර ගොඩට විත් නැවත ඒ දෙසටම ගමන් කරයි.සියුම් කලාත්මක ඇසකින් ඒ බව සමාජ පොදු ධර්මතාව ව්‍යංගවත් කිරීමට රචකයා සමත් වෙයි.

                         සුභාවිත ගීතය තුළින් රසික සිත පිනවන මෙම නිර්මාණ සමාජ දායාදයන් ය.පොදු මිනිස් සමාජය මනාව ඉස්මතු කිරීමට කලාකරුවා සතු සහජ හැකියාව ඔහු තුළ තවත් මිනිසකු නිර්මාණය කරයි.

                    කලාකරුවා තම ජීවිතයෙන් ඔබ්බට ගොස් සමාජ පරිසරය දෙසත් සමාජයේ මිනිස් චර්යාවන් දෙසත් සුපරික්ෂාකාරීව නිරීක්ෂණය කරන්නෙකි.ඔහු තුළ බොහෝවිට චරිත දෙකකි.මෙහි සඳහන් ගීතයෙහි පහත ගීත ඛණ්ඩය තුළින් මනාව පිළිබිඹු වේ.

            “ ඉසුරුමුණියේ නුඹ තැනූ

              පෙම්බරිය කොතනද කියා

                මා ඇසූවිට හිනහුණා ඔහු

               තවම තනිකඩ යැයි කියා...”

    සමාජය ජීවත් කරන තවත් එක් ධර්මතාවක් ලෙස  “ ආදරය” හැදින්විය හැකිය.හදවත් දෙකක් එක් වීම කලාකරුවාගේ කලා නෙත මනාව ඒ දෙසට යොමු කරයි.ලාංකීය ඉතිහාසය තුළ  “ ඉසුරුමුණි පෙම් යුවල” යනු එවන් ආදරණීයයන්ගෙ සංකේතයකි.ශාලිය අශෝකමාලා ප්‍රේම වෘත්තාන්තය සංකේතවත් වන්නක් ලෙස ඉතිහාස ගත වී ඇත.

                        වර්තමාන සමාජය තුළ “ විරහව” යන තැනටම පත්කර ඇත්තේ රැල්ලට නිර්මාණය වන ස්ටාර් සංස්කෘතියේ ගීතයෙනි.වෛරය,පලිගැනීම මත පමණක් ආදරය පදනම් වී ඇත.නමුත් අතීත කලාකරුවා තම ජීවිතය ස්වකීය නිර්මාණවලට පාදක කර නොගත්තෙකු බව පැහැදිලි වේ.

            “ මා ඇසූ විට හිනහුණා ඔහු

              තවම තනිකඩ යැයි කියා..”

       ඉසුරුමුණි පෙම් යුවල නිර්මාණය කරන කලාකරුවා  තනිකඩ පුද්ගලයකු බව නිරූපණය වේ.එහිදී ඔහු කිසිදාක ප්‍රේමයේ පහස වින්දනය කරන ලද්දෙකු නොවිණි.ඒ නිර්මාණය තුළ සිටින පෙම්බරිය කලාකරුවාගේ ජීවිතය හමුවේ පෙනෙන්නට නැත.නමුත් කලාකරුවා සමාජයේ පෙම්වතුන් දෙස උපේක්ෂාවෙන් බැලූ අයෙකු වේ.

                    තමාට නොලැබෙන දේ පිළිබඳව අතීත කලාකරුවා පසුතැවෙන්නෙක් නොවිණි.ඔහු තම ජීවිතය කලාවෙන් පෝෂණය කරලූවෙකි.වර්තමාන ගීතයද එසේ වෙනස්  විය යුත්තක්  බව හැගෙන සත්‍යයකි.සමාජයක් වෙනස් කිරීමට කලාව අතකොලුවක් වීම අනිවාර්ය වේ.

Tuesday, February 23, 2021

 

ළඳුනේ ………. ළඳුනේ ………….

ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
නද - ප්රේමසිරි කේමදාස
හඬ - අමරසිරි පීරිස්



සමාජය තුළ ජීවත් වන කාන්තාවට මුළු මහත් සමාජය තුළින්ම ඇය කෙරෙහි විෂමාකාර දෘෂ්ටිකෝණවලින් බලනු ලැබේ .එවන් වූ සමාජය ඒක ඇයට හිමි තත්ත්වය ඉතාමත් අසරණ වූ දුක් පීඩා විදින ජීවිතයකි . 

රම්බණ්ඩා  සෙනෙවිරත්න සූරීන් විසින් ලියන ලද ළඳුනේ යන ගීතයෙන් හුදෙක් කාන්තාවන් ගේ ජීවිතවල ස්වභාවය මැනැවින් හෙළිදරව් වේ. එවැනි කාන්තාවන්ට සමාජයෙන් අනිවාර්යෙන්ම පිහිටක් අවශ්‍යය .කාන්තාවකට කෙතරම් මිල මුදල් බලය වැනි දෑ තිබුනත් ආදරය රැකවරණය අවශ්‍යම වූවකි .

කාන්තාවක් සැබැවින්ම පිරිමියෙකුට ආදරය කර විවාහ වූ පසු සැමියා ඇයව අත් හරින්නේ නම් එම කාන්තාව ඉතාමත් ලෙස අසරණ තත්ත්වයකට පත් වේ. මුළු  ජීවිතයම ඒ පිරිමියා වෙනුවෙන් කැප කරලා අන්තිමට ඒ මිනිහගෙන්ම උහුලා ගන්න බැරි තරම් දේවල් සිදු වුවත් නැවත අම්මා තාත්තා ළඟට යාමට ඇයට නොහැකිය. අවසානයේ ඇයට මහත් සේ ආදරය කළ පිරිමියත් හිතවතුන් කවුරුත් තනියට නැත .ඒ වෙනුවෙන් ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි .එය හරිම අසරණයි සමාජයෙන් ආදරය බලාපොරොත්තු වුන ඇයට අද කවුරුත් නෑ අවංකවම ආදරයක් රැකවරණයක් ඇයට ලැබුණා නම් හුදෙක් කාන්තාවන් එවැනි තත්ත්වයකට පත් නොවන්නේ ය.හෙට රැක ගන්නට රැකගන්නට පතිවතත් නැත තම දරුවා වෙනුවෙන් ඇය මුදලට  යටවේ.

"දෙනෝ දහක් අත ගත්ත ද 

සැමියෙකු නැති ළඳුනේ ...."

දවසකට බොහෝ පිරිමින් සමග මුදලට සයන⁣යේ වැතිරුණ ද ඇයට කිසි විටෙකත් සැමියෙකු නැත.සියලු පිරිමින් ඔවුන්ගේ කාම ආශාවන් ඉටු කරගන්නවා පමණි. මෙවැනි කාන්තාවන් දෙස පිටතට සිටින සමාජය දකින්නේ වෙනම දිෂ්ටි කෝණයකින් ය .එවැනි කාන්තාවන්ගේ අසරණ ගේ අසරණ කම දන්නා පිරිමි ඇය කෙරෙහි විවිධාකාරයේ කතා හදති .

" පිරිමින්ගේ පාළු කලට 

දෝස විඳින ළඳුනේ 

රහසේ පව් කරන දනා 

එලියෙ රවන ළඳුනේ 

ලැම පමනක් ලොවට පෙනෙන 

ළය නො පෙනෙන ළඳුනේ 

කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ" 

දවස පුරාම පිරිමින්ගේ ශරීරයට යට වෙන කාන්තාව ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කරයි . මුදලට යට කරගෙන ඇයගෙන් ආශාවන්  පිරිමසා ගන්නා උගත් සල්ලිකාර මිනිසුන් ද සමාජයට ගොසින් එම කාන්තාවට ම දොස් කියති .එවැනි පිරිමින් අතින්මයි කාන්තාවන් එවැනි තත්ත්වයකට පත් වන්නේ කියා ඔවුන් කිසිදා නො සිතති.සමාජයේ අනිත් සියලු දෙනාට ඇයගේ ළැම උඩින් පමණක් පෙනෙන අතර ලය නොපෙනෙන සමාජයක ජීවත් වීමට සිදු වේ . එම කාන්තාවගේ ළැම  යටින් ඇති ලයෙහි ඇතිවන්නාවූ ගින්දර නොපෙනේ. ඇය කුඩා කූඹියෙකුට වත් වැරැදක් නොකරයි .ඉතින් ලැම පමණක් දකින මිනිසුන් එය කෙසේ තේරුම් ගන්න ද ....?

වර්තමානයේ ද ආදරය අහිමි වූ තැන බොහෝ කාන්තාවන් මෙවැනි තත්ත්වයට පත්වේ. එවැනි කාන්තාවන් කෙරෙහි දකින වැරදි දෘෂ්ටිය නිවැරදි කර ගත යුතු ය.අසරණ වූ කාන්තාවන් ජීවිතය ගැට ගසා ගෙන දිරියට ජීවත්වීමට ගණිකාවක් බවට පත් වේ .කාන්තාවන් විවාහ වූ පිරිමියාගෙන් අවංක ආදරයක් රැකවරණයක් හිමි වූවා නම් එවැනි තත්වයකට පත් නොවේ .කාන්තාවටම සමාජය  විසින් දොස් නැගීම වැරදි දෙයකි පිරිමි නිසා එම තත්ත්වයට පත්වන කාන්තාව ඉතාමත්  අසරණ ය. සියලු වේදනාවන් දරාගෙන දවස ගත කරන්නේ ජීවත් වීම සඳහා ය .ඇගේ අසරණකම නිසා මුළු මහත් සමාජය  විසින්ම තේරුම් ගත යුතු ය.එවන් වූ තත්ත්වයකට පත් නො වීමට සමාජයේ සියලු දෙනා වග විය යුතු බව ගීතය  තුලින්   මුළුමහත් සමාජයටම පෙන්වා දේ.... 


Sunday, February 7, 2021







වහින්නට හැකි නම් ගිගුම් දී..

වියලි ගම් බිම් වලට ඉහළින්..

ඉදෙන්නට හැකිනම් බතක් වී..

බතක් නොයිදෙන පැළක රහසින්..


රැදෙන්නට හැකිනම් ළමා කැළ..

හඬන දෙතොළඟ සිනාවක් වී..

පිපෙන්නට හැකිනම් තුරින් තුර..

නෙළා ගත හැකි වන මලක් වී..


වහින්නට හැකිනම්...


නිදන්නට හැකිනම් දෙනෙත් තුළ

සබෑවන සුභ සිහිනයක් වී..

ගැයෙන්නට හැකිනම් දොරින් දොර

ලොවම පූබුදන ගීතයක් වී..


වහින්නට හැකිනම්...



සමාජ පන්ති විෂමතාව තුළ බෙදී යන මිනිස් කොට්ඨාස එකිනෙකට වෙනස්කම් දක්වයි. එදිනෙදා තම ජීවන ගමන ගැටගසා ගන්නා නිර්ධන පාංතික සමාජ  කොට්ඨාසය දෙස උසස් යැයි හැඟෙන සමාජය බලන්නනේ තරමක් පහත් හැඟීමකිනි.

සුනිල් ආරියරත්න මහතා විසින් රචනා කරන ලද නන්දා මාලනීගේ ස්වර හඬින් මිහිරි වන "වහින්නට හැකිනම් ගිගුම් දී " යන ගීතයෙන් සමාජය පන්ති වල ස්වභාවයත් ජීවන ගමන ගෙවා දමන්නට දැඩි සේ දුක් විඳින දෙමව්පියන්ගෙන් දරු කැල පිළිබඳ නිරූපණය  කරයි. ඒ අනුව එම දරුවන්ට එයට අත්වැලක් සැපයීමට හැකි උතුම් පොදු සමාජ සත්කාරය සඳහන්වේ.එමෙන්ම පීඩිතව ඉන්නා මිනිසුන්ට ඔවුන්ගේ කුසගින්න නිවාලීමට හැකි නම් එය පරාර්ථකාමී සේවයකි.

"ඉදෙන්නට හැකි නම් බතක් වී                        බතක් නොයිදෙන පැළක රහසින්"

මෙම ගීත ඛණ්ඩය තුළ සඳහන් වන පරිදි රහසින් වත්  බත් නොයිදෙන කුඩුම්බිය තුළ ආහාර වල කෙතරම් දුෂ්කරතා දැයි ව්‍යංගාර්ථවත් කරයි. ජීවිතයක් වන්නට හැකි නම් කෙතරම් ද? කුසට අහරක් හෝ නොමැති ව බඩගින්න දරා ගත නොහැකි තැන පුංචි දෑසින් වැටෙන කඳුළු වියලි දෙතෝලග දැවටෙයි. ඒ මුවගට සිනහවක් ගෙනෙන්නට හැකි නම් දැනෙන හැඟීම ඒ වටිනාකම ට වචන නොමැති තරම් ය. 

"පිපෙන්නට හැකිනම් තුඩින් තුඩ 

නෙලාගත හැකි වන මලක් වී"

වන මල ලෙස ව්‍යංගාර්ථවත් කරන්නේ පීඩිත වූ දරුවන් ය. හිරුකිරණ යෙන් විකසිත වන්නට වෙර දරන වන මලට පිපෙන්නට සිහිල් දිය බිඳක් වන්නට හැකි නම් කෙතරම් වටිනවාද? දිනෙක මුළු ලොවක් සුවඳවත් කරාවි.

නිර්ධන පාන්තික පීඩිත පුංචි ළමා  කැල ද සිහින දකින්නේ නව ලෝකය දෙසට නිදහසේ පියාසර කිරීමටයි. දිනකවත් දැක නොමැති ඒ ලෝකයට නිදි යහනේ සිහිනෙන් ගමන් කර ඔවුන් එය සැබෑවක් කරගන්නට සිහින දකිති. ඒ සුබ සිහිනය යථාර්ථයක් කර දීමට සැමට දායක විය හැකිය. 

සමාජයේ වෙනුවෙන් අනුන් වෙනුවෙන් තමාට කළ හැකි දේවල් ද ඇත. පොදු සමාජය වෙනුවෙන් ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් කැප කිරීමේන් තමාගේ ජීවිතයේ ද සාර්ථක බව තීරණය කළ හැකිය. 

වර්තමාන සමාජයේ බොහෝ විට දක්නට ලැබෙන්නේ අනෙකා පරයා තමා නැගී සිටීමට යි. කෙනෙකු වෙනුවෙන් දියුණුව වෙනුවෙන්  කැපකිරීම්  කර ලාභ ප්‍රයෝජන කීර්තියක් අපේක්ෂා කරයි .එවන් සමාජයක තමන්ගෙ දියුණුවත් සලසාගෙන අනුන්ගේ දියුණුව අපේක්ෂාවෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අරමුණින් තොරව කටයුතු කරන සමාජයේ පොදු වැඩ කටයුතු වෙනුවෙන් කැපවීම  වැදගත් බව මෙම ගීතයෙන් මහඟු පණිවිඩයක් සමාජයට ලබා දෙයි .



Wednesday, February 3, 2021

වස්සානය

 

                   වස්සානය 










පත්‍ර හැළී ගිය කාර්තුවල හමුවන 

විහඟුන් කිසි දිනක අමතක නොකරමි ...

බහුතරය සංචාරක විහඟුන් ය 

වසන්තයේ හැර යන උන් 

කොළ හැලුන කර්කශ ඉඩෝරයේ

නැවත අතුපතරෙහි වසාලීමට

අවසර යදිමින් පැමිණි පසු 

ඔවුන්ට නැවත අවසර දෙන්නේම්ද...

එනමුදු

සුහදැති වෘක්ෂයෝ ඔවුන්ට කමා කරන වග 

ඔවුන් දැනගත දැන ගත යුත්තෝ ය ... 

මල් පිපෙන වසන්තය හමාර වූ කල්හි 

ඔවුහු වෙනතක ඇදෙති ...

කලකිරිම මිසක 

අල්පෙනෙති තුඩක හෝ තරහවක් නොවන බව කියමි...

දොඩමළුවට  ආයුබෝවන් කියමි...

ලෝකයේ නිත්‍ය ධර්මයට ඉඩ හර වෙන් කරමි ...

මෙසේ නිහඬ වෙමි...

මියගිය අතීතයට හා අත්දැකීම අරබයා

සහෘදයාට තුති පුදමි...

බොහෝ මිත්‍රයෝ සංචාරක විහඟුන් වග 

සිත් සේ ම හැඳින්නෙමි ...

වසන්තය නම් මා වෙත යනෙන ප්‍රහේලිකාවක් වැන්න ...

මෙතෙක් ආ මග අපිට යා නොහැකිය

ගමනාන්තය තෙක් ම හුදකලාව පිය නගමින්...


විදු...

Sunday, January 17, 2021

ඔබ මා හමු උන මේ ඉර හද යට

 

ඔබ මා හමුවුන මේ ඉර හද යට 




දුක කඳුළ සැම දෙනාට පොදු වූවක්. පිරිමියා යනු දැඩි හිතක් සහිත කඳුළක් පිටතට නොපෙන්වන පුද්ගලයෙකි . මෙහෙම කියන්නේ මම හේතුවක් ඇතිවයි . ඇත්තටම පිරිමි අඬන්න බැරි වෙලාවට ආවේගය හිතට ගන්නවා. ඉන්පස්සෙ තරහින් වැඩ කරනවා. හැබැයි ඒක ඒ හඬා ගන්න බැරි කමට හිතේ එන ආවේගයටයි.එහෙම වුණත් ඇහෙන් නොඅඩන  පිරිමි හිතින් ගොඩක් අඬනවා . ඒකයි ඇත්ත .ඒත් ඒක දන්නේ එහෙම කෙනෙක්. සමහර වෙලාවට යක්කු වගේ පිරිමි පෙනුනට හැම කෙනෙක් ඇතුළෙම මිනිහෙක් ඉන්නවා . එවන් වූ අවස්ථාවක් ගීතයක් බවට මෙසේ පරිවර්තනය වී ඇත . 


ඔබ මා හමුවුන මේ ඉර හද යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී


ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල....//
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී....//


ඔබ මා හමුවුන......


කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි....//
සිතින් දරාගෙන මා මළ දවසට 
මගෙ ළග තනියට ඉනු මැනවී....//


🎧🎤 ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
🎼🎶 සංගීතය : විශාරද ගුණදාස කපුගේ
📜✍️ පද රචනය : සුනිල් ආර් ගමගේ


හමුවෙන අය ඈත් වෙනවා ..හැබැයි ඒ හමුවෙලා යන අය අතුරෙන් සමහර වෙලාවට කිසි කෙනෙක් මින් පෙර ඇති නොවන බැඳීමක් ඇති වුණ කෙනෙක් අප අපව දාලා යන්න යනකොට ඇතිවුණ දුක දාලා ගියාට පස්සේ අපට ඇති වන අතීතාවර්ජනය සමග හිතට ගලාගෙන එන සන්තාපය වචනවලින් කියා ගන්න බැහැ .එහෙම වුණත් වුණත් නැවතත් අවසන් වතාවකට දැකගන්න ලැබෙනවා නම් කියලා හිතුනා ම මේ ගීතය තරම්ම ඒ ගැන කියන තවත් ගීතයක් නැත ඒ තරමට කවියා තමාගේ දුක හදවතින් මෙසේ ප්‍රකාශ කර ඇත.


"කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී...."

මේ වගේ අපිට ම අවසන් වතාවට අපිම සමුදෙන වෙලාවක අපේ මුවින් නො කීවත් වෙන ලෝක  වල තනිවී ඒ ඒ ලෝකයන් තුළ කාර්ය බහුල වී උන්නත් යටි සිතෙ නැගෙන ඉල්ලීමක් වශයෙන් ගීතය ගායනා කරයි. ගීතය තුළින් ඉස්මතු වන පුද්ගලයා මියගොස් නොමැත හදවතින්ම දීර්ඝ කාලයක් ආදරය කොට ආදර කතාව වියැකී ගිය තරුණයකුගේ වේදනා බරිත  ගීතයක්හ ලෙස ඳුනාගත හැකිය.මෙහිදී "පරඋන පෙම් මල" යන සංකේතයෙන් දෙදෙනාගේ ආදරය මිය ගොස් ඇති බව දන්වයි. එවන් වූ   විරහවක් අත් වූ මෙම පුද්ගලයාට සැනසුමක් ගෙන ඒමට නම් මිය ගිය දිනට හෝ තමා ලඟ තනියට  සිටිනු මැනවි වශයෙන් ආයාචනය කරනු ලබයි.

සිත් තැවුලට පත් මෙම පුද්ගලයා පිළිබඳව මිරිඟු සයුර වෙත පියමන් කල සැටි යන සංකේතාත්මක පද මාලාවෙන් ඔහුගේ ආදරය සදහටම ගීතයක් බවට පත් වී පත්වී ඇති  බව ලෝකයාට පෙන්වා දී තිබේ. මෙම පුද්ගලයා තමාගේ සැබෑ පිවිතුරු ආදරය වෙනුවෙන් එක් ඉල්ලීමක් ගීතයේ දී ආයාචනය කරනු ලබයි .එනම් මිය ගිය දවසට තමාගේ තනිවට හෝ ඇවිත් සිටින්න යනුවෙනි .මෙය ගීත කලාවේ ඉතාමත්ම දුක්බර  ගීතයක් බවට හදවත කිලිපොලා යන ගීතයක් ලෙසට හඳුනා ගත හැකිය .   එයින් වර්තමාන සමාජයට ආදරය  කුමක් ද යන්න සිතා බැලීමට හිස්තැනක් තබන ගීතයක්  සේ දැකගත හැකි ය .

Monday, October 19, 2020

මැකියාවෙලීගේ ”කුමාරයා”




 මැකියාවෙලීගේ ”කුමාරයා”

=================







ලෝකය වෙනස් කළ කෘති අතරින්  විමසා බලන්නේ නිකොලොයි මැකියාවෙලීගේ ‘කුමාරයා’ (The Prince) කෘතිය පිළිබඳවයි. උතුරු ඉතාලියේ ප්ලෝරන්ස් නගරයෙහි 1469 හි උපත ලැබූ නිකොලොයි ඩි බර්නාර්ඩෝ මැකියාවෙලි විසින් රචිත දේශපාලන කෘති රාශියකි. ඒ අතර ඔහු දේශපාලන ලෝකයේ දාර්ශනිකයෙකු බවට පත් කළ කෘතිය වන්නේ ‘කුමාරයා’ ය. නූතන දේශපාලන විද්යාවේ පියා යන නාමයෙන්ද මැකියාවෙලී හඳුන්වනු ලබයි. අද ලෝකයේ බලයට ඒම සඳහා හෝ බලයේ රැඳී සිටින හෝ ලබා ගත් බලය ව්යාප්ත කිිරීමට හෝ සිතන කවර හෝ බලලෝභී දේශපාලකයෙක් ලොව කොතැනක හෝ සිටී ද ඔහු අනිවාර්ය කෘතියක් ලෙස ‘කුමාරයා’ කෘතිය පරිශීලනය කරනවා යැයි කීම අපූර්ව කියමනක් නොවේ.


කිු.ව. 1513 දී රචිත ‘කුමාරයා’ තුළ මැකියාවෙලීගේ මුළුමහත් දේශපාලන දර්ශනය ම ගැබ්ව ඇති බව දේශපාලන විචාරක මතයයි. ”දේශපාලනය යනු බල දේශපාලනයකි” යන්න ඔහු තරයේ විශ්වාස කර ඇත. ආගමික, දාර්ශනික, සාදාචාරාත්මක ත්වරනයන්ගෙ න් වුවමනාවෙන් වසා තිබූ එම සත්යය නිරුවත් කොට ඔහු මෙම කෘතිය තුළ දක්වා ඇත. එනිසා ම දේශපාලන ලෝකයේ බලවාදයේ අත්පොත ලෙසද ‘කුමාරයා’ කෘතිය සැලැකිල්ලට ගනු ලබයි.දේශපාලන ක්ෂේතයේ බොහෝ දෙනෙකුගේ මුවග රැඳී තිබෙන ”පාලකයා සිංහයෙක් මෙන් එඩිතර ද නරියෙක් මෙන් කපටි ද විය යුතු ය” යන්න කුමාරයෙක් හෙවත් පාලකයෙක් තුළ තිබිය යුතු රාජ්‍ය  පාලන ගුණාංගයන් ලෙස මැකියාවෙලී දක්වන උපදේශයන් අතර ප්‍රසිද්ද  කියමනකි.



1. විවිධ මාදිලියේ ප්‍රන්සිපැලටි  රාජ්ය හා ඒවා බිහි වන ආකාරය

2. ප්‍රවේණි  පි්රන්සිපැලටි

3. මිශ්‍ර  පි්රන්සිපැලටි රාජ්‍ය 

4. ඇලෙක්සැන්ඩර්ට නතුව තිබුණු ඬේරියස් රාජ්‍ය  ඇලෙක්සැන්ඩර්ගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්රාප්තිකයනට එරෙහිව කැරළි නො ගැසූ හේතු

5. අනනු සතු වන්න කලිනි් තමනේග්ම නීති  යටතේ පැවැති  නගර හෝ ප්රින්සිපැලටි රාජ්ය පාලනය කළ යුතුපිළිෙිවළ

6. කෙනෙකු තමන්ගේ අවියෙන් හා නිපුණත්වයෙන් අත්පත් කර ගැනෙන අලූත් පි්රන්සිපැලටි රාජ්ය

7. අනුන්ගේ අවියත් තමන්ගේ වාසනවාත් මඟින් අත්පත් කර

ගැනෙන අලූත් පි්රන්සිපැලටි රාජ්‍ය 

8. දුෂ්ටකමින් කුමාර පදවි ලබන්නෝ

9. සිවිල් පි්රන්සිපැලටි

10. සියලූ පි්රන්සිපැලටි රාජ්යවල ශක්තිය මැනිය යුතු පිළිවෙළ.

11. සමයානුකූල පි්රන්සිපැලටි රාජ්ය

12. විවිධ වර්ගවලට අයත් හමුදා සහ කුලී හේවායෝ

13. උපකාරක, මිශ්ර  හා පුරවැසි සෙබළු

14. හමුදා කටයුතු ගැන පාලකයෙකුගේ වගකීම

15. පුද්ගලයන් - විශේෂයෙන්ම කුමරවරුන් වැනුමට හෝ බැනුමට හෝ ලක් වන හේතු

16. ත්‍යාගශීලි   බව හා මසුරුකම

17. කුරිරුකම හා දයාව

18. කුමාරයෙකු සිය පොරොන්දු ඉටු කළ යුතු ආකාරය

19. ගර්හාවෙන් හා වෛරයෙන් වැළැකීම

20. කුමාරවරුන් දිනපතා කි්රයාත්මක කරන බොහෝ දේ හා බලකොටු පලදායක ද? හානිකර ද?

21. කුමාරයෙකුට ගරු සම්මාන හිමි වන හැටි

22. කුමාරයාගේ පෞද්ගලික

උපදේශකයෝ

23. චාටුකාරයන් මඟහැරීම

24. ඉතාලි කුමාරවරුන්ට ඔවුන්ගේ රාජ්‍ය  අහිමි වුණු හේතු

25. මානව ක්ර්යකරිත්වය  තුළ දෛවයේ මෙහෙවර හා මිනිසා ඒ සමග ගනුදෙනු කළ යුතු පිළිවෙළ

26. ඉතාලිය ම්ලේච්ඡුයන්ගෙ න් මුදා ගැනීම සඳහා උපදේශයක්


යනාදී ලෙස පරිච්චේද  26 න් මෙම කෘතිය සමන්විත වෙයි. මෙම පරිච්චේද  ආවරණය කර ඇති ආකාරයට පාලකයෙකුගේ සෑම අංශයක් ම අතපසු නොකොට ඔහුගේ අවධානයට හසු කරගෙන ඇති ආකාරය දැකගත හැකිය. ‘කුමරයා’ අංගසම්පූර්ණ රාජ්ය පාලකයෙකු තනන අච්චුවක් යැයි ද කිවහැකිය. කෘතියේ මුල් පරිච්ෙඡ්ද පි්රන්සිපැලටි හෙවත් රජයේ විවිධ ස්වරූප දැක්වීමට වෙන් කර ඇති අතර, ඉන්පසු කුමාරයෙකු, පාලකයෙකු කවර නම් ආකාර විය යුතුද යන්න පිළිබඳව සෑම කෝණයකින්ම විමසුමට ලක් කොට කරුණු දක්වා ඇත.

...


”තම සුබ සිද්ධිය ගැන සිතන මිනිස්සු සිය පාලකයන් වෙනස් කරති” යනුවෙන් ජනතාව එක් පාලකයෙක් වෙනුවට තවත් අයෙක් පත්කරගන්නේ ඇයිද යන්න මැකියාවෙලී කියයි. එසේ පත් වන පාලකයා ”බලයට පත්වීම සඳහා පාලකයාට උදවු කළ පිරිස ඔහුගේ මිතුරන් වශයෙන් තව දුරටත් තබා ගැනීමට නොපුළුවන් ය” යනුවෙන් අප මෙතෙක් දැක ඇති පාලකයන්ගේ ගතිස්වභාවය සියලූ පාලකයින්ට පොදු වූවක් බව තහවුරු කරයි. මැකියාවෙලීගේ ‘කුමාරයා’ කියවන ඕනෑ ම රටක ඕනෑ ම අයෙකුට තමන්ගේ අතීත පාලකයන් හෝ වර්තමානයේ සිටින පාලකයන් කෙතරම් නම් මෙම කෘතියේ දක්වා ඇති ලක්ෂණයන්ගෙන් යුතු ද යන්න කිරා මැනෙනු ඇත. ලංකාවේ අපට මෛතී්රපාල - රනිල් වික්රමසිංහ පාලනය ගැන සසඳා බැලීමට කල්මදි වුව ද, පැවති රාජපක්ෂ පාලනය හා මහින්ද රාජපක්ෂ ගැන ඉතා හොඳින් සැසැඳිය හැකිය. එසේ සිතන විට ‘කුමාරයා’ අත්පොතක් ලෙස රාජපක්ෂ හා සහචර කණ්ඩායම දිවා ? පරිශීලනය කරන්න ඇතැයි සිතිය හැකිය.


 මධ්යතන යුගය ලෝකයට ආරම්භ වනුයේ එතෙක් පැවති වැඩවසම් පාලන කාලය නිමා කොට ජාතික රාජ්යය කරළිගත වෙමින් ය. එහෙයින් ඉතාලිය ද වැඩවසම් පාලනයෙන් මිදී ශක්තිමත් ජාතික රාජ්යයක් වීමේ වුවමනාවෙන් පෙළිණි. එහෙයින්, මධ්යතන යුගයේ සමස්ත ඉතාලියේ ඓතිහාසික වුවමනාවක් තෘප්ත කළ දාර්ශනිකයා ලෙස මැකියාවෙලී නම් දරයි.


ඔහුට මෙවැනි කෘතියක් ලිවීමට සිදු වූයේ එවකට ඉතාලිය ඉතා දුර්වල රාජ්යයක්ව පැවැතීම, බාහිර රාජ්යයන්ගෙ න් නිතර එල්ල වූ බලපෑම ආදිය හේතුකොටගෙන යම් දීනත්වයක් උරුම කරගෙන සිටි බැවිනි. 1494 දී ඉතාලිය ආක්රමණය කළ ප්රංශය ඉතාලි ජනජීවිතය මුළුමනින්ම අවුල් කරමින් යුරෝපයේ යුද පිටිය බවට පත් කරන ලදී. එහෙයින් ඊට එරෙහිව සටන් කිරීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මැකියාවෙලීගේ මූලිකම අරමුණ විය. එහෙයින් ඉතාලියානු දේශය ගොඩ ගන්නට නම් පත් විය යුතු පාලකයා කවර ආකාරයේ අයෙක් ද යන්න නිර්දේශ කිරීම මැකියාවෙලීගේ අරමුණ විය. ඔහු ඉතා සමීපව සිටි මෙඩිසි පවුලේ අපේක්ෂිත පාලකයා වූ ලොරෙන්සෝ ඩි මෙඩිසි තමන් මෙසේ පෙන්වා දෙන ආකාරයේ පාලකයෙක් වනු දැකීම අපේක්ෂාව වුවද එය බිඳ වැටිණි. එනිසාම මෙම කෘතිය අත්පොතක් ලෙස පැවැතී මැකියාවෙලීගේ මරණයෙන් පසු මුද්රණය වන්නට ඇත යන්න පොදුවේ පිළිගනී.


දේශපාලනය ගැන සිතා බලන ඕනෑම අයෙකු තම ගමන්මග තෝරා ගැනීම සඳහා මෙම කෘතිය කියවිය යුතු ම ය. මැකියාවෙලී කියන ආකාරයට ”ජීවත්වන පිළිවෙළත් ජීවත්විය යුතු පිළිවෙළත් අතර පරතරයක් තිබේ. කළ යුතුව ඇති දේ වෙනුවෙන් කරන දේ අත්හැර දමන්නා ඔහුගේ ආරක්ෂාව නොව විනාශය දැක ගනී” එනිසා බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පාලකයාට අයිති වූවකි. එහෙත් පාලකයා නොකළ යුතු දේ ද මැකියාවෙලී වර්ගකොට දක්වයි.


”කුමාරයෙකු සිය යටත් වැසියන්ගේ කාන්තාවනට කෑදරකම් දක්වන්නෙකු වීමත්, යටත් වැසියන්ගේ දේපළ පැහැර ගන්නෙකු විමත්...” පාලකයා නොකළ යුතු මූලික ම කාරණයක් බව දක්වයි.

”මිනිහකුට හානියක් කරන්නේ නම් පෙරළා පළිගැනීමේ බියකට හේතු ඇති නොවන්නට ම ඒ හානිය කළ යුතුය” බල ආසාව ඉතා ස්වාභාවික වූවක් බව ”අත්පත් කර ගැනීමේ ආසාව බෙහෙවින් ස්වාභාවික හා සාමාන්ය සංසිද්ධියකි” රාජ්යයන් අත්පත් කර ගැනීමේ ක්රම 3 කි. එය මුළුමනින්ම විනාශ කිරීම, අදාළ පාලකයා ම එහි ගොස් පදිංචි වීම, පාලකයාට නතු වූ පිරිසකගෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවීම එම ක්රම 3යි. ”සන්නද්ධ සියලූ ශාස්තෘවරු ජය ගහත්හ. සන්නද්ධ නොවූවෝ විනාශ වූහ” මිනිසුන් අන්යයනට හානි පමුණුවන්නේ වෛරය නිසා හෝ බිය නිසා බව මැකියාවෙලී අපට සිහිපත් කරයි. රාජ්ය පාලනයේදී දුෂ්ටකම් හෝ සද්භාව කියා දෙයක් නැත. අවස්ථාවට අනුව අවශ්ය දේ කි්රයාත්මක කළ යුතුය. ඝාතන, පාවාදීම්, කෲරත්වය, දයාව, ආගමිකබව පෙන්වීම මේ ආදිය එකට සංකලනය වී පාලකයා සතුව තිබිය යුතුය. ”සන්නද්ධ සේවකයන් අතර සන්නද්ධ නොවූ පුද්ගලයකුට අරක්ෂාවක් නැත්තේ ය”යි සන්නද්ධ වීම සාධාරණීකරණය කරයි. පාලකයා සිය මුදල් පරිහරණයේ දී ඉතා අරපිරිමැස්මෙන් කටයුතු කළ යුතු අතර, ජනතාවගේ හෝ වෙනත් අයගේ මුදල් පරිහරණයේදී ”සිය ත්යාගශීලී භාවයේ කිසිවක් පාලනය කළ යුතු නොවේ” යැයි කියමන අප සමාජයේ පාලකයන් කටයුතු කරන ආකාරය තුළින් ද මනාව පසක් වෙයි. දේපළ කොල්ල කෑමට වඩා ඝාතන යහපත් බව ” පිය උරුමයෙන් ලත් දේපළ අහිමි වීමේ වේදනාව අමතක කරනවාට වඩා ඉක්මනින් මිනිසුන් තම පියවරුන්ගේ මරණ පිළිබඳ වේදනාව අමතක කරයි” යනුවෙන් මැකියාවෙලී පෙන්වා දෙයි. කුමාරයකුගේ හිත එක් එක් අතට හරවා ගත හැකි විය යුතුය. ”ආගමානුකූල බව තමන් සන්තකයේ ඇතැයි ඇ`ගවීම තරමට අවශ්ය අන් දෙයක් නැත” යනුවෙන් පාලකයාගේ ආගමික ඇදහීමේ හැටි ස්වභාවය අනාවරණය කරයි.


ආගමේ නාමයෙන් වැසී පාප්වරුන් හෝ එසේ නොවූවෝ හෝ කවර හෝ පාලකයන් එදා මෙදාතුර සිදු කර ඇති දේ හා සිදු කරන දේ ඉතා හොඳින් නිරාවරණය කර ඇති නිසා රාජ්ය බලය දේව කැමැත්තකි, සදාචාර කි්රයාවලියකි යැයි ජනතාව මුළා කරමින් සිය කෲරත්වය පවත්වාගෙන ගිය පිරිස මැකියාවෙලීට හා කුුමාරයාට සිය විරෝධය දක්වති. ඒ නිසා ම මැකියාවෙලී හා ඔහුගේ ‘කුමාරයා’ අතිශය විවේචනයට ලක් වූවක් බව ද සටහන් කළ යුතු ය.


මෙසේ සමස්ත ‘කුමාරයා’ කෘතිය පුරාම සිත් ගන්නා සාහිත්ය බසකින් මැකියාවෙලී කියාපාන්නේ මාක්ස් විසින් අපට උගන්වා ඇති ‘රජය යනු පන්තිපීඩක උපකරණයකි’ යන්න ම මිස අන් යමක් නොවේ. 


Sunday, October 11, 2020

මිතුර එක්ව නැගිටිමු






 

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන...

 

වියරු ගිනිදැල් නොවෙමු

වනය අවුලා තබන

මිහිර දෙන වැස්ස වෙමු

දැවෙන කැලයට වසින

 

නපුරු හීනය නොවෙමු

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන

 

අභිමංසල තුළින් රස භාවයන් සොයාගෙන අද අපි යන්නේ විශාරද ගුණදාස කපුගේ මහත්මයා විසින් ගායනය කරන ලද දර්ශන මෙන්ඩිස් නැමති ගී පද රචකයා විසින් රචනා කරන ලද විශාරද ගුණදාස කපුගේ මහත්මයා විසින්ම තණු හා සංගීත නිර්මාණය කරන ලද සබද අපි කඳු නොවෙමු ගීතය යි.

 

මේ ගීතය අපි බොහෝ අවස්ථා වල ශ්‍රවණය කරල තියෙනවා. විශාරද ගුණදාස කපුගේ මහත්මයා ගේ ගී වලින් විශේෂයෙන් ම ජනතාව අතරට ගිය ගීතයක් හැටියට මේ ගීතය දක්වන්නට පුළුවන්. ඒ වගේම මේ ගීතය වැඩිපුරම ගියේ තරුණ පිරිස අතරට. විශේෂයෙන් විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ශිෂ්‍යයන් අතරේ මේ ගීතය විශේෂයෙන් ජනප්‍රිය විය .විශ්ව විද්‍යාල සිසුන් දැඩි  වශයෙන් කතා කරනු ලබන්නේසමාජ වාදී අදහස් මත ධරයන් ය .ඔවුන්ගේ ක්‍රියා කලාපයන් හෙළි කරන ගීතයක් බවට මෙම ගීතය පෙනුනද මෙම ගීතයේ දී සැබෑ ලෙසටම පෙන්නුම් කරනු ලබන්නේ පරාර්ථකාමීත්වය යි .

 

සබඳ පි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන

 

 

සබඳ යනුවෙන් ගීතය ආරම්භ කරමින් පරාර්ථකාමීත්වය ප්‍රතිමූර්තිය පෙන්වමින් සියලු දෙනා එකට එකතු වී උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කිරීම වැදගත් බව පෙන්වා දේ .කඳු මින් සෑම දින එකම තැන නොරැඳී දිය දහරක් මෙන් එකට එක්වි සියලු දේ උගත යුතු බව පෙන්වා දේ .

 

 

වියරු ගිනිදැල් නොවෙමු

වනය අවුලා තබන

මිහිර දෙන වැස්ස වෙමු

දැවෙන කැලයට වසින

 

 

ජනතාවගේ සිත් සතන් තුළ නැගෙන  වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව වැනි වියරු ගිණි දැල් නිවාලමින් වියළි කතරකට වහින වැස්සක් මෙන් සියලු දෙනාට ආදරය කරුණාව මෛත්‍රිය වැනි පරහිතකාමී පිරිසක් ලෙස ජීවත් විය යුතු බව මෙම ගීතය තුළින් පෙන්වා දේ.විශ්ව විද්‍යාල සිසුන් අතර ඇති සහෝදරත්වය මෙන් අනෙකුත් සියලු ම දෙනා කටයුතු කළ යුතු බව මෙම ගීතයෙන් පෙන්වා දේ.මෙම අදහස් සමාජවාදී ලෙස නිරූපණය වුවත් එම ගීතය තුළින් කිසිම දේශපාලනික මතවාදයක් ඉදිරිපත් කරනු ලබන්නේ නැත .

 

නපුරු හීනය නොවෙමු

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන

 

 

නිර්ධන පාන්තිකයින්ට  නිදා ගැනීමට  විවේක කාලයක් ලබා දෙන්නා වූ ධනපති පාන්තිකයන් සිටින වර්තමාන ලෝකයෙහි පරාර්ථකාමීත්වය සහමුලින් නැති වී තිබෙි.එක ම ලෝකයක් එකම පිරිසක් පන්ති භේද දෙකකට බෙදී වෙන් වී සිටී .ඔවුන් සියල්ල එකම උත්පත්තියක් ලබා පෙර පින් මහිමයකට මේ බවයේ උප්පත්තිය ලැබුවද මේ බවයේ භවයේ වෙන් වෙන්ව කටයුතු කරන අයුරු කවියා මෙමගින් පෙන්වා දේ.එවන් වූ ලෝකයක් තුළ මතු භවය වෙනුවෙන්සියලු දෙනා එක්ව පරාර්ථකාමීත්වයේන්

 යුතුව ජීවත්වීමට අවශ්‍ය මඟ පෙන්වා දෙන්නා වූ අර්ථවත් ගීතයක් ලෙස හඳුනා ගත හැකිය .ඒ බව බාල තරුණ මහලු යන පිරිස් ගීතය වැළඳ ගෙන ඇති අයුරින් මනාව පසක් වී ඇත .මඩගොහොරුවක් වැනි සමාජයේ නෙළුමක් මෙන් පිපී බැබළෙන්නට මෙම ගීතය තුළින් සමස්ත සමාජයටම ආදර්ශයක් ලබාදී ඇති ගීයක් බව හඳුනා ගත හැක .එම නිසා මෙම ගීතය ඉතාමත් සාර්ථක අර්ථවත් ගීතයක් බව  සක්සුදක් සේ කිව හැකිය.ගීතයක් ජනතාව අතරට ගොස් ජනතාව ගීතය වැළඳ ගැනීමෙන් ගීත රචකයාගේ මෙන්ම ගීත ගායකයාගේ ද දක්ෂතාවය ඉතාමත් කදිමට නිරූපණය වී ඇති බව මෙම ගීතය තුළින් මැනවින් හඳුනාගත හැකිය.